Skip to main content
Emblem of Sri LankaMallawapitiyaDivisional Secretariat

News & Publications

E-Magazine

The Secretariat's digital magazine — divisional news, programme results and features on the people and crafts of Mallawapitiya.

The latest issues

Browse recent issues of the divisional e-magazine, newest first.

Archive

5 issues published

Every issue released by the Secretariat, most recent first.

  • Cover of දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නව බලාපොරොත්තුවක්...

    දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නව බලාපොරොත්තුවක්...

    **දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නව බලාපොරොත්තුවක්...** දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හා පූර්ණ හානිවලට ලක් වූ නිවාස නැවත ඉදිකිරීම සදහා හා ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින්, නිවාස ආධාර සඳහා ඔප්පු සහ චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් විපතට පත් පවුල්වලට වලට සුරක්ෂිත හෙට දවසක් උදාකර දෙමින්, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන මෙම සහයෝගය නව බලාපොරොත්තුවක ආරම්භයකි. **"අත්වැල් බැඳ ගොඩනඟමු හෙට දවස – සුරක්ෂිත නිවසක්, සවිමත් ජීවිතයක්."**

    Published 12 August 2026

  • Cover of අත්තම
    පවිත්‍ර‍ දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹේ...

    අත්තම

    "අත්තම" කියන්නේ මොකක්ද? 🤝🇱🇰 "අත්තම" කියන්නේ අතීතයේ ඉඳන් අපේ ගම්වල පැවැති සුන්දර එකමුතුකමේ පාරම්පරික සිරිතයි. ගොවිතැනේදී හෝ ගමේ පොදු වැඩකදී මුදලට නෙවෙයි, එකිනෙකා අතර ශ්‍රමය හුවමාරු කරගනිමින් එකතු වෙලා වැඩ කරපු ඒ උතුම් ගුණාංගය තමයි "අත්තම" කියන්නේ. අද අපේ පරිසරය, මාර්ග සහ පොදු ස්ථාන පිරිසිදුව අලංකාරව තබාගන්න ඒ පැරණි එකමුතුකම "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන හරහා නැවතත් අවදි වෙනවා! වැඩසටහනින් සිදුවන්නේ කුමක්ද? 🧹 පරිසරය & පොදු ස්ථාන පවිත්‍ර කිරීම: අපේ ගමේ/නගරයේ මාර්ග, පොදු වෙළඳපොළවල් සහ පොදු ස්ථාන පිරිසිදු කර අලුත්වැඩියා කිරීම. 🌿 ස්වාභාවික සම්පත් සුරැකීම: පැළ සිටුවීම, වැව්-ඇළ දොළ සහ වෙරළ තීරයන් සංරක්ෂණය කරමින් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් සෑදීම. 🤝 ප්‍රජා එකමුතුකම: තරුණ පරපුර මුල් කරගනිමින් එකිනෙකාට සහයෝගය දක්වන, වගකීම්සහගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් ගොඩනැගීම. වැඩසටහන් තොරතුරු: 📅 ආරම්භක දිනය: 2026 අගෝස්තු 08 වන දින 🔄 පැවැත්වෙන දිනයන්: සෑම මසකම අවසාන සෙනසුරාදා දිනවල ⏰ වේලාව: පෙ.ව. 08:00 📍 ස්ථානය: ඔබගේ ග්‍රාම නිලධාරී වසම මූලික කරගනිමින් ඔබත් මේ සඳහා දායකවන්න.

    Published 8 August 2026

  • Cover of ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම වැඩසටහන

    ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම වැඩසටහන

    ජාතික පවිත්‍රතා දිනය වෙනුවෙන්, “ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම වැඩසටහන” යටතේ වෙන්නරු වැව හා අවට පරිසරය පිරිසිදු කරමින්, සුන්දරත්වයෙන් පිරි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. 🌿💚 “පිරිසිදු පරිසරයක් – සුන්දර ශ්‍රී ලංකාවක්” 🇱🇰✨ අපේ පරිසරය රැකගැනීම අප සැමගේ වගකීමකි. 🌱

    Published 8 August 2026

  • Cover of E-Magazine

    E-Magazine

    June

    Published 15 June 2026

  • Cover of පිරිසිදු පරිසරයක් - නිරෝගී ජීවිතයක්
    පිරිසිදු පරිසරයක් - නිරෝගී ජීවිතයක්

    පිරිසිදු පරිසරයක් - නිරෝගී ජීවිතයක්

    ඩෙංගු රෝගයෙන් අපේ ගමත්, ආදරණීයයන්වත් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ අවට පරිසරය සැමවිටම පිරිසිදුව තබා ගැනීමට අදම පියවර ගන්න. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර නිරෝගී හෙටක් වෙනුවෙන් එක්වන්න!

    Published 27 June 2025

Issues are published as PDF. If you need an issue in a different format, or a printed copy, contact the Secretariat front desk.